kalu kambili

ඉරුගල් නම් සොඳ  දිවැස්  හෙලන්නේ
මෙරගල් වන ලෙස යකුන් බිඳින්නේ
යකුනට නායක අධිපති වන්නේ
ඉරුගල් බන්ඩා අප රැක දෙන්නේ








(රවිශ්‍යිලාස කුමාරයා)

ඉරුගල් බන්ඩාර රජ්ජුරුවෝ රිටිගල කඳු වැටියේ සිටිමින් රට පාළනය කර අතර එතුමාට පුතෙකු සිටියා..

කලුගේ වද ඔබ වැඩ ඉන්නේ
කඵගල් බිසවගේ බඩේ උපන්නේ
ඉරුගල් රුසියට ජාතක වෙන්නේ
කඵකම්බිලි දෙවියනේ වඩින්නේ

කඵකමිබිලි කියන්නේ ඉරුගල් බන්ඩාර කියන රාවණ රජතුමාගේ  පුත්‍රයාට ජාතකව ඉපඳුණ ප්‍රබල සටන් ශුරයෙක්..

පළිගු තාක්ෂණය භාවිතා කරපු නාවික විශේෂයක්...

සතර බලැති කම්බිලියට නියම ලෙසට
අතර මගින් යන එන ඔල්මත්කර ගෙන්වාලන
සතර නොයෙක් දේශ වලින් පළිගු ගෙනත් රැස් කරවන
සතර රියන් ගල් නැව සාර මසට නිමකරලන







මාස හතරෙන් සාදා නිමකරනවා නාවික යාත්‍රාව
 පළිගු තාක්ෂණය උපයෝගී කරමින් ගමන් කිරීම සඳහා භාවිතා කරපු දියුණු තාක්ෂණයක් මෙම කෝල්මුර කවියෙන් කියවේ.


බැඳලා සත් මල් පායේ මුදුණට රන් කොත් තබන්න
බැඳලා සිව් කොනට තොරනේ වංගු වංගු වට සදන්න
සදලා මැද මුදුන් තුඩේ මුඳුනට රුවලක් ගසන්න
ඇදලා වට නිල් තිරයක් ඉර හඳ කොඩියක් බඳින්න






ඉර හඳ කොඩියක් බඳින්න  -  රාවණ රජතුමාගේ ධජය

කතරපුරේ වෙසමුණි රජ යකුන්ට රජ කම් කරන්න
තේව කරති සැම දෙවියෝ වෙසමුණි රජ ළග සිටින්න
බොහොම කරපු පින් බලයෙන් අනුහස් දෙවි අප රකින්න
දිව්‍ය පුරෙන් වැඩි සුරිදෙකි අනුහස් දෙවි අප  රකින්න



ගිරිකාල මන්ඨක කියන රාවණ රජතුමාගේ හිටපු ප්‍රබලම පුත්‍රයෙක් තමයි  රාම රාවණ යුද්දෙන් පස්සේ ගලේ යකු ලෙස මිනිසුන් ඇදහුවේ
මාතලේ බංබා විහාරෙත් උන් වහන්සේ වෙනුවෙන් දේවාලයක් තිබෙන්නේ.


 anubis

7 comments: